brand logo

එල් ටි ටි සංවිධානය වළදැමු රත්‍රං හා ආයුධ සොයා පුදුකුඩිඉරිප්පු ගෙවත්තක සෝදිසියක්

12 July 2019

එල් ටි ටි සංවිධානය අවසන් යුධ සමයේ වළදමා තිබු රත්‍රං හා ආයුධ පවතින බවට සැකයක් මත මුලතිව්,පුදුකුඩිඉරිප්පු,ශිවනගර් ප්‍රදේශයේ ගෙවත්තක ස්ථානයක් ඊයේ(11) මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිස් නිළධාරීන් විසින් හාරා පරීක්ෂා කරනු ලැබීය. පසුගිය මස 27 වැනිදා මුලතිව් ශිවනගර් ප්‍රදේශයේ අදාළ ස්ථානයේ අනවසරයෙන් එල් ටි ටි වළදැමු රත්‍රං සෙවීම සිදුකළ කාන්තාවක් ඇතුළු 14 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. අදාළ සිදුවීමට අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ ස්ථානය පරීක්ෂා කරන ලෙසට මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිසිය වෙත නියෝග කොට තිබිණ. මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ ශිවනගර් ප්‍රදේශයේ ගෙවත්ත හැරීම ඊයේ(11) සිදුකළ අතර,එහිදි කිසිදු උපකරණයක් හමුනොවු බවද පොලිසිය සදහන් කළේය. පුදුකුඩිඉරිප්පු පොලිස් නිළධාරීන්, මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නිළධාරීන්,පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශ නිළධාරීන්ගේ අධික්ෂණය යට‍තේ අදාළ කැනීම සිදුකෙරිණ. පොලිසිය පැවසූවේ අඩි පහකට ආසන්න ප්‍රමාණයක් කැනීම සිදුකළ නමුත් අදාළ ස්ථානය තුළින් වළදැමු රත්‍රං හෝ ආයුධ කිසිවක් හමුනොවු බවයි. එල් ටි ටි සංවිධානය අවසන් සමයේ ආයුධ හා රත්‍රං වළදමා ඇති බවට පුදුකුඩිඉරිප්පු ආරක්ෂක අංශ වෙත ලද තොරතුරු මත ප්‍රදේශයේ ස්ථාන ගණනාවක් කැනීම් සිදුකළ නමුත් කිසිවක් හමුනොවිණ. වවුනියාව - මාධව කුලසූරිය              
 

More News..