brand logo

එල්ලා මරණ බවට දුන් තීන්දුව නිසා මරණ දඬුවම නියම වූ සිරකරුවන් බලාගත්තු අතේ බලාගනී

27 June 2019

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කරන්නේ යැයි පුවත ලැබුණු පසු මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවන් දැඩි තැතිගැනීමකින් පසුවන බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ රදවා සිටින මරණ දඬුවම නියම වූ සිරකරුවන් වෙනදාට රූපවාහිනිය නරඹමින් සැහැල්ලුවෙන් සිටින අතර ඔවුන් ඊයේ දිනයේ සිට ආහාර පාන නොගෙන සිටි බවත් ඇතැම් සිරකරුවන් කලාන්ත වී ගිය බවත් නිලධාරීහු සඳහන් කරයි. මේ වන විට බන්ධනාගාරය මරණ දඬුවම ලැබූ සිරකරුවන් 455 දෙනෙකු රඳවා ඇත.
 

More News..