brand logo

එල්ලුම් ගහේ කඹය ප්‍රමිතිය සොයයි

11 February 2019

එල්ලුම් ගහ සඳහා භාවිත කිරීමට නියමිත කඹය ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය වෙත යොමු කර තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, 2015 වසරේදී පාකිස්ථානයෙන් ගෙන්වා ඇති එම කඹය මරණ දඬුවම ලබාදීම සඳහා යොදා ගැනීමට සුදුසු ද යන්න පරීක්ෂා කරීම සඳහා එලෙස ප්‍රමිති කාර්යංශයට යොමු කළ බවයි. එම කඹයේ ප්‍රමිතියෙහි කිසියම් ගැටලු සහගත තත්ත්වයක් උද්ගත වුවහොත් සුදුසු තත්ත්වයේ කඹයක් ඉතා කඩිනමින් විදේශීය රටකින් මිලදී ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. මේ අතර අලුගෝසු තනතුර සඳහා බඳවා ගැනීමේ අයදුම්පත් අද සිට කැඳවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මරණ දඬුවම නියම වි සිටින දරුණු ගණයේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ට එම දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ගන්නා ක්‍රියාමාර්ගවලට පහසුකම් සැලසීම මෙහි අරමුණ බවයි. ඒ අනුව ලබන 25 වනදා තෙක් අලුගෝසු තනතුර සඳහා අයදුම්පත් ඉදිරිපත් යොමු කළ හැකියි.
 

More News..