brand logo

එල්ලුම්ගහේ ඩෙගා නැටූ රා. ඇමැති අනුරාධපුරේ හිරකරැවකුට පිස්තෝලේ තියයි

15 September 2021

හිරගෙදර ලොක්කෝ දොයිකර ඇමැති ජේලර්ලට දෙසයි

සිරකරු දිනය යෙදුණු ඉකුත් 12 වැනිදා (ඉරිදා) පස්වරුවේ අනුරාධපුර බන්ධනාගාරයට පැමිණි රාජ්‍ය ඇමැතිවරයෙක් පිස්තෝලය පෙන්වා සිරකරුවන් දණගස්වා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සනාථ කරනවා. මෙලස හැසිරී ඇත්තේ රාජ්‍ය ඇමති ලොහාන් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ බවටයි වාර්තා වන්නේ. එදින පස්වරුවේ සිරකරුවන් මැදිරි තුළට දැමූ පසුව ආරක්ෂකයන් සමග එහි පැමිණි රාජ්‍ය ඇමැතිවරයා විශේෂ ගණයේ සිරකරුවන් රඳවා සිටින විශේෂ සිර මැදිරිය වෙත ගොස් ඉන් සිරකරුවන් අටදෙනකු පිටතට ගෙන ඔවුන් දණ ගස්වා ඇතැයි බන්ධනාගාර නිලධාරීහු ‘අරුණ’ට පවසනවා. ඉන්පසු සුදර්ශන් නමැති සිරකරුගේ හිසට තුන්වතාවක් පිස්තෝලය තබා උඹලා එළියට යවන එක තීරණය කරන්නේ අපි කියා තර්ජනය කළ බවත් එය වැළැක්වීමට ගිය අනුරාධපුර බන්ධනාගාර ඉහළ නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ වැදුණු බවත් බන්ධනාගාර නිලධාරීහු පෙන්වා දෙනවා. මෙහි දී පිස්තෝලය හිසට එල්ල කළ සිරකරුගේ නඩුව මෙම 17 වැනිදා වව්නියාව අධිකරණයේ දී විභාග වීමට නියමිතව බවටයි වාර්තා වන්නේ. තමන්ට එල්ල වූ තර්ජන ගැන ජාත්‍යන්තරයට පැමිණිලි කරන බව සිරකරුවන් බන්ධනාගාර නිලධාරීන්ට දන්වා ඇති බවයි වාර්තා වන්නේ.. තවද වැලිකඩ බන්ධනාගාරයටද ඉකුත් 05 වැනිදා රාත්‍රියේ බීමතින් මිතුරන් සමග පැමිණි රාජ්‍ය ඇමැතිවරයා පිස්තෝලයක්ද ඇතැතිව එල්ලුම්ගස බැලීමට ගිය බව වාර්තා විය. එහි දී අලුතින් බඳවාගත් නියාමකවරුන් පේළියට තබා දේශනයක්ද පැවැත් වූ බවද හෙළි වී තිබේ. මෙම ස්ථානයේ බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන්ද සිටි බව කියයි. මෙම සිද්ධීන් සම්බන්ධව තොරතුරු දැන ගැනීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය හා අනුරාධපුර බන්ධනාගාර අධිකාරි ඇමතුවද ඔවුන් සම්බන්ධ කරගත නොහැකි විය. එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැන ගැනීමට අරුණ වෙබ් අඩවිය කිහිපවාතාවක්ම බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේව දුරකතනයෙන් ඇමතුවද ඔහුව සම්බන්ධ කරගැනීමට ද නොහැකි වුනා. ඉන් පසු අරුණ වෙබ් අඩවිය කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගෙන් මේ සම්බන්ධයෙන් කරුණු විමසුවා අමාතවරයා සඳහන් කලේ මේ පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ලෙස බන්ධානාගාර මාධ්‍ය අංශයට තමා පැහැදිලි කර දෙන බවයි. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක හා හිටපු අධිකරණ ඇමැතිවරියක වූ තලතා අතුකෝරල මේ සිද්ධිය සම්බන්ධව මෙසේ සඳහන් කළාය. ‘‘අපි දැක්කා පසුගිය දවසක බීමත්කමින් ගිහිල්ලා රුවන්වැලිසෑයට ඇතුළු වෙන්න හදපු රාජ්‍ය ඇමැතිවරයා. ඊයේ (14 වැනිදා) පෙරේදා (13 වැනිදා) බන්ධනාගාරයට ගිහිල්ලා, බන්ධනාගාරයේ එල්ලුම් ගස අසලට ගොස් පිස්තෝලයක් ප්‍රදර්ශනය කරමින් මරණ දඬුවම් නියම වූ සිරකරුවන් ඉන්න කුටියට ගිහිල්ලා සමහර නිලධාරීන්ට තර්ජනය කරලා තිබෙනවා. ඔහුගේ ආරක්ෂක අංශයට ඔහු පාලනය කර ගන්න බැරිවෙලා බන්ධනාගාරයට යනවා නම් ඇමැතිවරයෙක් නෙමෙයි කිසිම කෙනකුට ආයුධයක් අරන් බන්ධනාගාරය ඇතුළට යන්න බැහැ. බුද්ධික මහේෂ් - අනුරාධපුර  

සබැදි පුවත්

බීගෙන වැලිකඩ ගිය ඇමැති මිතුරෝ එල්ලුම් ගහ ළග දණගායි

 

More News..