brand logo

එල්ලා මැරිය යුතු පුද්ගලයින්, දිනයන් හා වේලාවන් ජනපති දන්වා නැහැ

05 July 2019

එල්ලා මැරිය යුතු පුද්ගලයින් කවුද සහ කුමන දිනයක, කුමන වේලාවක, කුමන ස්ථානයක මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු දැයි ජනාධිපතිවරයා විසින් මේ දක්වා තම දෙපාර්තමේන්තුවට දන්වා නැතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.එම්.ජේ.ඩබ්ලිව්. තෙන්නකෝන් මහතා අද අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත. මරණ දඬුවම වළක්වන්නැයි ඉල්ලා ගොනු කර ඇති රීට් පෙත්සම පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද දින කැඳවූ අවස්ථාවේදී එය ප්‍රකාශ කර ඇති අතර ජනාධිපතිවරයා නියම කරනු ලබන දිනයක, වේලාවක සහ ස්ථානයකදී අධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කර ඇති චූදිතයින් එල්ලා මැරීමේ අධිකරණ නියෝග හා එලෙස එල්ලා මරා දැමීමේ බළධාරී පත්‍ර අධිකරණ තම දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇතත් ජනාධිපතිවරයා මේ දක්වා තම දෙපාර්තමේන්තුවට එවැනි දැනුම් දීමක් කර නැතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අධිකරණය හමුවේ කියා ප්‍රකාශ කළේය.
 

More News..