brand logo

එරාජ් ප‍්‍රනාන්දුට ඇප

23 October 2019

බරපතළ වැඩ සහිතව සිර දඩුවම් නියම වූ හම්බන්තොට නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා ඇප මත මුදා හැරීමට හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා අද (23) නියෝග කළේය. 2014 වසරේ අප්‍රේල් 17 දින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හම්බන්තොට වරාය හා ගුවන්තොටුපොළ නිරීක්ෂණ චාරිකාවක නිරතව සිටියදී ඔවුන්ට ගල් මුල් වලින් පහරදීම හා සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තර්ජනය කිරීම සම්බන්දයෙන් පැවති නඩුවාරයේදී හම්බන්තොට නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු මහතාට පසුගියදා බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කෙරෙනි. ඒ අනුව එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කල අභියාචනයක් අද (23) සැලකිල්ලට ගත හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා ඇප කොන්දේසි කිහිපයක් මත ඔහුව මුදා හැරීමට නියෝග කර තිබිණි. ඒ අනුව මහේස්ත්‍රාත්වරයා විසින් එරාජ් ප්‍රනාන්දු මහතා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 05 ක් මත මුදා හැරීමට නියෝග කර තිබු අතර විදේශ ගමන් තහනමක්ද පනවා තිබේ.
 

More News..