brand logo

එයාර් බස් සමාගමෙන් වන්දි ගන්න සූදානමක - ශ්‍රී ලංකන් ප්‍රධාන විධායක

13 February 2020

එයාර් බස් ඇණවුම් දිනාගැනීම සඳහා විධායක නිලධාරීන්ට අල්ලස් ලබාදෙන බව සමාගම විසින් පිළිගෙන ඇති පසුබිමක ප්‍රංශයේ එයාර් බස් සමාගම වෙතත් වන්දි ඉල්ලා සිටීම ඇතුළු අලාභ අයකර ගැනීමේ ක්‍රම පිළිබඳව ශ්‍රී ලංකා රජය සලකා බලමින් සිටින බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක ප්‍රකාශ කරයි. "අපගේ කීර්ති නාමයට සිදුව ඇති හානිය අතිමහත්. ඒ පිළිබඳ අලාභ අයකර ගැනීමට රජය කටයුතු කරමින් සිටිනවා" යනුවෙන් ප්‍රධාන විධායක නිලධාරිවරයා පවසා ඇත. ඔහු මෙලෙස එයාර්බස් අක්‍රමිකතාව පිළිබඳ අදහස් පළකර ඇත්තේ සිංගප්පූරුවේ ගුවන් සංදර්ශනයකට සහභාගි වන අතරතුර එරට මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමිනි. එයාර් බස් සමාගම විසින් පාර්ශ්ව ගණනාවකට ඇමෙරිකානු ඩොලර් බිලියන 04ක මුදලක් ගුවන් යානා අලෙවිය වෙනුවෙන් අල්ලස් වශයෙන් ලබා දුන් බව පිළිගත්තේ මීට සති දෙකකට පෙරය. ‘එක්සත් ජනපදයේ බරපතළ වංචා කාර්යාලය’ට අනුව බෲනායිහි ෂෙල් සමාගම හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳට අල්ලස් ලබාදීමද ඊට ඇතුළත් වේ.   නයන තරංග ගමගේ
 

More News..