brand logo

එයාර්ටෙල් සේවකයන්ට oDoc යෙදුම හරහා නොමිලේ ටෙලිමිඩිසින් වෛද්‍ය උපදේශනය

02 June 2020

ජනප‍්‍රියතම සේවා සැපයුම්කරුවකු ලෙස සිය තත්ත්වය තහවුරු කරමින් එයාර්ටෙල් ලංකා සමාගම සියලූම සේවකයන්ට සහ ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයන්ට සම්පූර්ණයෙන් ම නොමිලේ ටෙලිමෙඩිසින් වෛද්‍ය උපදේශනය ලබා දීම සඳහා විප්ලවීය ටෙලිමෙඩිසින් වේදිකාවක් වන oDoc සමග අත්වැල් බැඳ ගත් බව නිවේදනය කර ඇත. මෙම සහයෝගීතාවය 2020 මාර්තු මාසයේ සිට එනම් ශ්‍රී ලාංකිකයන් සමාජ දුරස්ථකරණයෙහි නිරතවීම සහ නිවසේ සිට වැඩ කිරීම ආරම්භ කිරීමත් සමග ක‍්‍රියාත්මක විය. මෙම ටෙලිමෙඩිසින් පහසුකමට ඉංග‍්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවෙන් දුරස්ථ පිවිසුම ඇතුළත් අතර එමගින් ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි සාමාන්‍ය හා විශේෂඥ වෛද්‍යවරුන් 600කට වැඩි පිරිසකට මෙන්ම දුරස්ථ රසායනාගාර සේවාවලට සහ නිවෙස්වලටම බෙහෙත් වට්ටෝරු ලබා දීම යන සේවාවලට ප‍්‍රවේශය ලබා දෙයි.
 

More News..