brand logo

එමිල් රංජන්ට ඇප නියම කෙරේ

04 April 2019

2012 වසරේදී වැලිකඩ සිරකරු ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටි හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන එමිල් රංජන් ළමාහේවා ඇප මත මුදාහැරීන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. ශිරාන් ගුණරත්න සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම නියෝගය කරනු ලැබුවේය. ඒ අනුව සැකකාර එමිල් රංජන් ළමාහේවා රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත් අධිකරණය නියම කර තිබේ. එමෙන්ම සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාර දිය යුතු බවටද එම නියෝගයේ සඳහන් වුණි. 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ සිරකරුවන් 27 දෙනෙකු මරණයට පත්වී තවත් පිරිසක් තුවාල ලැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට එමිල් රංජන් ළමාහේවා මේ වන විට වසරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියේය.
 

More News..