brand logo

එමිනම්ගේ අලුත්ම මියුසික් වීඩියෝ එක හැදුවේ ලාංකාවේ කොල්ලෙක්

08 March 2021

ලෝක ප්‍රක‌ට රැපර් ගායකයෙක් වන "එමිනම් (Eminem)" ගේ නවතම ගීතය ත්‍රිමාණ සජීවිකරණ (Animated)තාක්ෂණය ඔස්සේ නිපදවා තිබේ. මෙම ගීතයේ රූප රාමු අධ්‍යක්ෂණය හා නිර්මාණය කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ත්‍රිමාණ සජීවිකරණ ශිල්පියෙකු වන රැන්ඩි ක්‍රිස් පෙරේරා විසින් වීම විශේෂත්වයකි. එමිනම්ගේ 'Music To Be Murdered By' සංගීත ඇල්බමයේ ඇති 'Tone Deaf' ගීතය රැන්ඩි විසින් මෙලෙස නිර්මාණය කර තිබේ. ඔහු විසින් ගීතයේ වීඩියෝ පටයේ සම්පූර්ණ සජීවිකරණය දින 20 කින් අවසන් කර ඇති අතර මෙම ගීතය දින 2 ක් තුළ මිලියන 3 කට අධික නැරඹුම් ප්‍රමාණයක් ලබා ගෙන ඇති බව වාර්තා වේ.
 

More News..