brand logo

එන්.සි නැමති මත් ද්‍රව්‍යය තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

11 June 2019

සෞඛ්‍යය අමාත්‍යංශය මගින් මේ රට තුල අලෙවි කිරිම තහනම් කර ඇති එන්.සි නැමති මත් ද්‍රව්‍යය ටින් 75 අලෙවි කිරිම සදහා ලග තබාගෙන සිටි සැකකරුවෙකු ඊයේ රාත්‍රියේ (10) සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පැවසිය. ඉන්දියාවෙන් මේ රටට නිතිවිරෝධි ලෙස ආනයනය කර ඇති මෙම එන්.සි නැමති මත්ද්‍රව්‍යය පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් අලෙවි කිරිම සදහා සැකකරු කොළඹ ප්‍රදෙශයෙන් රැගෙන විත් බගවන්තලාව තෙරේසියා වතුයායේ ඔහු පදිංචි නිවසේ සගවා තිබෙන බවට ලද තොරතුරක් මත බගවන්තලාව පොලිසිය මගින් මෙම වැටලිම සිදු කර ඇත. අත්අඩංගුවට ගත් මත් ද්‍රව්‍යය ග්රුම් 10 බැගින් කුඩා ටින් 75 ක අසුරා තිබුණි. ග්රුම් 10 බැගින් වු එක් මත්ද්‍රව්‍යය ටින් එකක් පාසල් ළමුන්ට සහ වතු කම්කරුවන්ට ඉතා අධික මිලකට සැකකරු විසින් කාලයක් තිස්සේ අලෙවි කරමින් සිට ඇති බවයි මෙම වැටලිම සිදු කල බගවන්තලාව පොලිසියේ නිලධාරින්පැවසුවේ අත්අඩංගුවට ගත් මත් ද්‍රව්‍යය වල වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැත. අත්අඩංගුවට ගත් සැකකරු සහ මත් ද්‍රව්‍යය තොගය හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව මෙම වැටලිම සිදු කල බගවන්තලාව පොලිසියේ නිලධාරින් පැවසිය. රංජිත් රාජපක්ෂ
 

More News..