brand logo

එන්නත විද ගන්න කාසල් එකට ගිය රජයේ සේවකයෝ හිස් අතින් යති

12 May 2021

අද(12) උදැසන 10 සිට කොළඹ කාසල් රෝහලේ කොරෝනා එන්නත් කරන මධ්‍යස්ථානය ඉදිරිපිට එන්නත් ලබා ගැනීමට රැදී සිටි රජයේ සේවකයින් 500කට අධික ප්‍රමාණයකට ප.ව. 2.45 වනතුරුත් එන්නත් ලබා ගැනීමට නොහැකි වූ පුවතක් වාර්තා වෙනවා. එන්නත් පෝලිමේ සිටින රජයේ සේවිකාවක් අරැණට පැවැසුවේ පැය 5කට ආසන්න කාලයක් ඔවුන් පෝලිමේ රැදි සිටියත් එම පෝලිම එක අගලක්වත් ඉදිරියට නොගිය බවයි. ප. ව. 2.30 ට පමණ රෝහලෙන් ඔවුන්ට දැනුම් දී ඇත්තේ එන්නත් සියල්ල අවසන් වී ඇති බැවින් නැවත හැරී යන ලෙසයි. බොහෝ රජයේ සේවකයින්ට එන්නත් ලබා නොදුන්නත් රෝහල් සේවකයින්ගේ දැන හැදුම් කම් ඇත්තන් පිට පාරෙන් රෝහලට ගොස් එන්නත් ලබා ගත් බව ඇය වැඩි දුරටත් සඳහාන් කරයි. අද දින රජයේ සේවකයින්ට එන්නත් ලබා දෙන බව ආරංචි වූ විට කාසල් රෝහලෙන් ඒ පිළිබඳ විමසීමක් කළ බවත් ඔවුනට එහි එන ලෙස රෝහලෙන් දැනුම් දුන් නිසා එහි ගිය බවත් ඇය පැවසීය. ඇය පවසන පරිදි රජයේ සේවකයින්ට එන්නත් ලබා ගැනීම සඳහා එක පෝලිමකුත් ප්‍රදෙශවාසීන් සදහා තවත් පෝලිමකුත් තිබී ඇත. ප්‍රදෙශවාසීන් 200ක් පමණ එහි සිට ඇත. එම පෝලිම යුද හමුදාව විසින් මෙහෙයවා ඇති අතර සියලු ප්‍රදේශවාසීන් හිරි හැරයකින් තොරව එනන්ත් ලබා පිටව ගොස් ඇත. අක්‍රමිකතා සිදු වී ඇති රජයේ සේවකයින්ගේ පෝලිම මෙහෙයවා ඇත්තේ රොහල් සේවකයින් විසිනි. මේ සම්බන්ධයේන විමසීමට අප කාසල් රෝහලේ අධ්‍යක්ෂවරයා සම්බන්ධ කරගැනීමට උත්සහා කළද එය සාර්ථක නොවීය. අවසානයේදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රෝහල් ප්‍රකාශිකාවක් සඳහාන් කළේ අඩුපාඩු මාධ්‍යයේ ඔවුන් මෙම කාර්යය ඉතා අපහසුවෙන් කරගෙන යනබවත් එය අගය කළ යුතු බවත්ය. https://youtu.be/iNda8FDFLSo
 

More News..