brand logo

එන්නත ලබා ගන්න මත්‍රීවරුන්ට තවත් දින 3ක්

19 February 2021

තවමත් "ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා" කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එය ලබා ගැනීම සඳහා ලබන සතියේ තවත් දින 3ක් ලබා දී තිබේ. ඒ අනුව, පෙබරවාරි 23 සිට 25 දක්වා කාලය තුළ කොළඹ නාරහෙන්පිට පිහිටි යුධ හමුදා රෝහලේදී පෙරවරු 8.30 සිට මධ්‍යහන 12.00 දක්වා මන්ත්‍රීවරුන්ට එම එන්නත ස්වේච්ඡාවෙන් ලබා ගත හැකි වනු ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් දෙනා එළඹෙන සතියේ කොළඹට පැමිණ පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීමට නියමිත බැවින් මෙලෙස කොවිඩ් -19 එන්නත එම දිනවල ඔවුන් වෙත ලබා දීමට තීරණය කොට තිබේ.
 

More News..