brand logo

එන්නත ගත් දරුවන්ගේ ගැටලු දන්වන්න අංකයක්

25 September 2021

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දැනුම් දීමක්

කොවිඩ් මර්දන ෆයිසර් එන්නත ලබාගත් විවිධ ආබාධ සහිත දරුවන්ට එන්නත ලබාගැනීමෙන් පසු යම් ගැටලුවක් හෝ අපහසුතාවක් ඇත්නම් දැනුම් දෙන ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ රෝහල් ප්‍රධානීහු ඉල්ලීමක් කරති. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ 0702703954 යන දුරකතන අංකයට ගැටළු දැනුම්දෙන ලෙසත් එම දුරකථන අංකය පැය 24 පුරා ක්‍රියාත්මක වන බවත් ඔවුන් සඳහන් කරති. දරුවන්ට එන්නත ලබාදීමෙන් පසු උණ තත්වයක් ඇතිවුවහොත් පැරසිටමෝල් පෙත්තක් ලබාදීම ගැටලුවක් නැති බවත් දරුවන් මහන්සි වෙන ආකාරයේ ක්‍රියාකාරකම්වල නොයෙදවිය යුතු බවත් ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ශ්‍යාමන් රවීන්ද්‍රජිත් මහතා පැවසීය.
 

More News..