brand logo

එන්නත නොලැබුණොත් රට පුරා ෆාමසි වසා දැමීමට තීරණයක් ?

06 June 2021

දිවයින පුරා පිහිටි ෆාමසි 4000 ක ඖෂධවේදීන් හා සේවක සේවිකාවන්ට කොවිඩ් එන්නත ලබන සතිය වන විට ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වුවහොත් ෆාමසි වසා දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය පවසයි. සංචරණ සීමා පනවා ඇති කාල සීමාව තුළ ද දිවයින පුරා ෆාමසි විවෘත කර රෝගීන්ට ඖෂධ බෙදා හැරීම සිදු කරයි. එහිදී නිරෝධායන නිවෙස්වලට මෙන්ම රෝගීන් සිටින නිවාසවලට ඖෂධ බෙදා හැරීමේදී අනාරක්ෂිත බවක් මතුව ඇති බව සංගමයේ සභාපති චන්දික ගන්කන්ද ප්‍රකාශ කරයි. එම නිසා කඩිනමින් එන්නත ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට දැනුම් දුන් බවද ඔහු අවධාරණය කර සිටියේය. උදයජීව ඒකනායක
 

More News..