brand logo

එන්නත් නොලැබුණොත් ඔසුසැල් වහනවාලු

12 June 2021

පෞද්ගලික ඔසුසැල්වල සේවකයින් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේ දී ඔසුසැල් වසා දැමීමට සිදුවන බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමයේ මාධ්‍ය ලේකම් සිදත් සුරංග මහතා සඳහන් කරයි. කොවිඩ් රෝගීන්ගේ ආශ්‍රිතයින් සමඟ ඔසුසැල්වල සේවය කරන පිරිස් නිරන්තරයෙන් කටයුතු කරන හෙයින් ඔවුන් සඳහා එන්නත් ලබාදීම අත්‍යවශ්‍ය බව ඔහු සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය සමඟ සාකච්ඡා කළ ද මෙතෙක් සාධනීය පිළිතුරක් ලැබී නොමැති බව සිදත් සුරංග මහතා සඳහන් කරයි. කොවිඩ් ආසාදිත වීම හේතුවෙන් ඔසුසැල් හිමියෙකු මියගොස් ඇති බවද ඔහු සඳහන් කරයි. සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුළ ද ඔසුසැල් විවෘතව තබමින් ජනතාව සඳහා අවශ්‍ය ඖෂධ සැපයීම් සිදුකරන ඔසුසැල් සේවකයින් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්ගේ අවදානය යොමුවිය යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි
 

More News..