brand logo

එන්නත් දෙකම නොවිද්ද අයට අලුතින් පැනවෙන තහනම

15 September 2021

එන්නත් නොගත් පුද්ගලයින් රැපිඩ් ඇන්ටිජන් සහ පී.සී.ආර්. පරීක්ෂණ වලට

පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයන්ට රාජ්‍ය ආයතන සහ පොදු ස්ථානවල ගැවසීම තහනම් කිරීමට මන්නාරම දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදී තීරණය කර තිබේ.

පොලිස් හා යුද හමුදා මුරපොළවල් හා ධීවර තොටුපොළවල් වලින් එන්නත්කරන කාඩ්පත් නිරන්තර පරීක්ෂාවට ලක්කිරීමටද මෙහිදී බලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

අද (15 වැනිදා ) සිට මෙම පරීක්ෂා කිරීම් සිදුකරන බවත් එන්නත් ගෙන නොමැති පුද්ගලයින් රැපිඩ් ඇන්ටිජන් සහ පී.සී.ආර්. පරීක්ෂණ වලට යොමුකරන බවත් මන්නාරම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ටී.විනෝදන් පැවැසීය. එෆ්.අස්ලම්
 

More News..