brand logo

එන්නත්කරන වැඩපිළිවෙළ අසාර්ථක කළේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන්

11 June 2021

පෙරමුණේ ඉන්න රෝහල් සේවකයින්ට මාස්ක් එකක්වත් නෑ කියලා ඇමැති දන්නෑලු

කෝවිඩ් ඒකකයේ එක දිගට දින 14ක් වැඩ කරන සේවකයින් හාමතේ

මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළ අසාර්ථක කළේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පැවැසීය. ඊයේ (10) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අවධාරණය කළේය. ඔහු මෙසේද පැවැසීය. ‘‘සෞඛ්‍ය සේවකයන්ට සාධාරණය ඉටු නොවීම නිසා සෞඛ්‍ය ඇමැතිවරිය සමග තිබූ සාකච්ඡාවේදී මූලික කරුණු අවධාරණය කළා. නමුත් අවසාන ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. සෞඛ්‍ය සේවකයන්ට බරපතළ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. කොවිඩ් මර්දනය කරන්න අවශ්‍ය පහසුකම් ලැබිලා නැහැ. [caption id="attachment_150593" align="alignnone" width="554"] ශ්‍රී ලංකාවේ සුව සේවකයින්[/caption]

පී.පී.ඊ. කිට් එකක්, මාස්ක් එකක්, ප්‍රවාහන පහසුකම් ආදියත් නැතිව කොවිඩ් ඒකකයක දිනපතා වැඩ කරන, සතියක් වැඩ කරන සමහර රෝහල්වල දින 14 ක් එකදිගට වැඩ කරන කාර්ය මණ්ඩලයේ අයටවත් ආහාර ටික නොලැබෙන තත්ත්වයක් ඇතුළේ තමයි සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉතාම අමාරුවෙන් කොවිඩ් රෝගීන් රැක බලා ගන්නේ.

එන්නත්කරණය අසාර්ථක කරගත්තේ අපි නෙමෙයි, සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළම වෘත්තිකයන් සහ බලධාරීන්.

[caption id="attachment_150594" align="alignnone" width="408"] සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි[/caption] පහසුකම් ලබාදෙනවා කියන එක පළවෙනි රැල්ලේ කතා කළා, දෙවැනි රැල්ලේ කතා කළා, තුන්වැනි රැල්ලේදීත් කතා කළා.

පෙරේදා සෞඛ්‍ය ඇමැති සමග සාකච්ඡා කළා. ඒ කතා කරද්දීත් සෞඛ්‍ය ඇමැතිවරිය හරියට දැනගෙන හිටියේ නැහැ පෙරමුණේ ඉන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අයට මාස්ක් එකක් ලැබෙන්නේ නැහැ කියලා.

[caption id="attachment_150595" align="alignnone" width="566"] සමන් රත්නප්‍රිය[/caption]
ඒ වෙලාවේ කිව්වා දෙන්න කියලා. අපි දන්නවා දෙන්න කිව්වට කොයිතරම් දුරට ලැබෙයිද කියන එක ගැන සැකයක් තියෙනවා. ඒ වෙලාවේ කිව්වා දෙන්න කියලා. අපි දන්නවා දෙන්න කිව්වට කොයිතරම් දුරට ලැබෙයිද කියන එක ගැන සැකයක් තියෙනවා. මේ අතර වෛද්‍යවරුන්ට අතට රුපියල් හතළිස් දාහක්, පනස්දාහක්, හැත්තෑ අටදාහක් දෙන්න සෞඛ්‍ය අමාත්‍යවරිය කැබිනට් පේපර් එකක් අත්සන් කළා. ඒක ඇමැති මණ්ඩලය අනුමත කළා. මේකේ එකතුව බිලියන ගාණක්. අපි වගකීමෙන් කියනවා රුපියල් 41,220 ක් ප්‍රාථමික වෛද්‍යවරුන්ට වැඩි කරලා තියෙනවා. සෞඛ්‍ය සේවාවේ ශ්‍රේණීන් අතර පොඩි මානසික ප්‍රශ්නයක් එනවා. ඒ මානසික ගැටලුව හදන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය. කරුණාකරලා කියනවා අපිට සාධාරණයක් කරන්න.’’ වරුණි පෙරමුණ
 

More News..