brand logo

එන්නත්කරණයේ ප්‍රමුඛතාව සෞඛ්‍ය කාර්යමණ්ඩලවල පවුලේ අයටත් ඉල්ලයි

16 May 2021

කොවිඩ් මර්ධන එන්නත් ලබාදීමේ ප්‍රමුඛතාව උල්ලංඝනය වන පරිදි සිදුකරන සියලුම දේශපාලන බලපෑම් වහා නවතන ලෙසට සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ලිපියක් යොමුකරමින් දන්වා තිබේ. එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ සියලුම සෞඛ්‍ය කාර්යමණ්ඩලවල පවුලේ සාමාජිකයන් (අවම වශයෙන් නි‍වසේ වාසය කරන) අවදානම් කණ්ඩායම් සේ සලකා එන්නත්කරණයේදී ප්‍රමුඛතාව ලබා දෙන ලෙසය. දැනට කොරෝනා එන්නත්කරණය අතිශය දූෂිත වැඩපිළිවෙලක් බවට විවිධ මැදිහත්වීම් මත පත්ව තිබෙන බව පෙන්වා දී ඇත. තවද දේශපාලකයින් මෙන්ම නිලධාරීන්ද තමන්ට තිබෙන බලතල අනුව' තම ඥාති හිතමිතුරන්ට ප්‍රමුඛතා ලේඛනවලට පිටතින් එන්නත් ලබාදීම සිදුකරමින් ඇති බවද සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
 

More News..