brand logo

එන්නත්කරණයට දේශපාලන බලපෑම්

01 March 2021

    කොවිඩ් එන්නත්කරණයට දේශපාලකයන් සිදුකරන මැදිහත්වීම වහා නතර නොකළහොත් එන්නත්කරණ වැඩසටහනින් ඉවත් වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර ඇත. දේශපාලනඥයන්ගේ මැදිහත්වීම හේතුවෙන් එන්නත් පොකුරක් නිර්මාණයවීම නොවැළැක්විය හැකි යැයි සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ හා සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් හා නිර්දේශයන්ට අනුකූලව එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ නමුත් ඇතැම් දේශපාලනඥයන්ගේ මැදිහත්වීම හේතුවෙන් සකස් කර තිබූ මාර්ගෝපදේශ සියල්ලම වෙනස් කිරීමට සිදුව ඇතැයි ඔහු සඳහන් කළේය. දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් එන්නත්කරණය සඳහා ලියාපදිංචචි වී සිටි පුද්ගල නාමලේඛන සියල්ල ක්ෂණයකින් වෙනස් කිරීමට සිදුවීම හේතුවෙන් ජනතාව දැඩි නොසන්සුන්තාවට පත්ව ඇති බවත් මේ නිසා ලබාදෙන ඇතැම් ස්ථාන යුද පිටි ලෙස දිස්වන අවස්ථාවන් වාර්තා වී ඇති බවත් හෙතෙම කියයි. එන්නත් ලබාදෙන ස්ථානවල ජනතාවගේ නොසන්සුන් හැසිරීම හේතුවෙන් එන්නත් පොකුරක් නිර්මාණය වීම නොවැළැක්විය හැකි බවත් එවැනි තත්ත්වයක් රටේ උද්ගත වුවහොත් එයට ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය වගකිව යුතු බවත් එම සංගමය අවධාරණය කරයි. ශ්‍රියානි විජේසිංහ
 

More News..