brand logo

එන්නත්කරණයට ත්‍රිවිධ හමුදාවත් එක්වෙයි

11 May 2021

එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා අද (11 වැනිදා) සිට ත්‍රිවිධ හමුදාවේ සෞඛ්‍ය වෛද්‍ය කණ්ඩායම්ද එක් කිරීමට නියමිතය. කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික් සඳහා නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ සෞඛ්‍ය කණ්ඩායම් යෙදවීමට පියවර ගෙන තිබේ. යුද හමුදාවේ සෞඛ්‍ය නිලධාරී කණ්ඩායම් කොළඹ නගර සභා සීමාව සඳහා පත් කර තිබේ. ස්පුට්නික් හා සිනොෆාම් එන්නත් කඩිනමින් ලබාදීමට කටයුතු නොකිරීම සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොවිඩ් කමිටුවේදී සෞඛ්‍ය ප්‍රධානීන්ට කනස්සල්ල පළ කර තිබිණ.   තිස්ස රවින්ද්‍ර පෙරේරා
 

More News..