brand logo

එතනෝල් ආනයනය අද සිට නවතී

01 January 2020

මත්පැන් නිෂ්පාදනය සදහා භාවිතා කරන එතනෝල් රට තුළට විදේශයන් හි සිට ආනයනය කිරීම අද සිට වහාම අත්හිටුවීමට රජය තීරණය කර ඇත. මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා කළ නියෝගයක් මත ගෙන ඇති මෙම තීරණය අද (1) සිට ක්‍රියාත්මකයි. දේශීයව එතනෝල් බහුලව නිෂ්පාදනය කරන බැවින් මෙම තීරණය ගත් බව මුදල් අමාත්‍යාංශය දැනුම් දී තිබේ.
 

More News..