brand logo

එජාප සන්ධානයේ නායකකම රනිල් සජිත්ට දෙන්න හේතුව සී බී කියයි

22 February 2020

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ නායකකම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දුන්නේ ජනාධිපතිවරණය සේම  මහ මැතිවරණයත් පරාජය කිරීම සඳහා බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී. බී. රත්නායක මහතා පැවැසීය.

තලවකැලේ, ලිදුල, මටේකැලේ වත්තේ අද (22) පැවැති වතු කම්කරු හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා එසේ කීය. එහෙදී ඒ මහතා මෙසේද පැවැසීය.

මහ මැතිවරණය මෙහෙය වන්න රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය දී ඇත්තේ ජනාධිපතිවරණය සේම ඉදිරි මහ මැතිවරණයත් පරාජයවීම දන්න නිසයි. ජනාධිපතිවරණය මෙහෙවන්න සජිත්ට දුන්නා. මොකද උනේ ඒක පරාදයි. එක්සත් ජාතික පක්ෂයට මහ මැතිවරණයේදි සිදුවන්නෙත් ජනාධිපතිවරණයේදි සිදුවු දෙයමයි. ඒ දේ පිළිබදව අපි අප්‍රේල් මස 27 දින කතා කරමු.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොහොට්ටුවත් එක්ව තරග කිරීම සම්බන්ධයෙන් කිසිඳු ගැටළුවක් නැහැ. එදා ගැටළුවක් තිබුණ නිසයි අපි වෙනම පක්ෂයක් හදා ගත්තේ. ඒ පක්ෂය ලගට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද ඇවිත් ඉන්නවා.දැන් ඔවුන්  අපිත් එක්ක එකතු උනානේ. ඒ නිසා ඒ පිළිබදව අපි ගැටළු හදා ගතයුතු නැහැ. මැතිවරණයේදි අපේඛ්ෂකත්වයන් සම්බන්ධයෙන් අපි එක කතිකාවකට එනවා. පක්ෂ නායකයන්ගෙන් සැදුම්ලත් පක්ෂ නායක රැස්වීමක් තිබෙනවා. එම රැස්වීමේදි තීන්දු කර ගන්නවා ඉදිරි මැතිවරණයේ අපේක්ෂකයන් බෙදීයාම සම්බන්ධයෙන්. අපි හැමදාම මැතිවරණයන්ට තරග කරන ලද්දේ සමගි පෙරමුණක් වදීහටයි. අපි හැමදාහ මැතිවරණයන්ට මුහුණ දෙන විටි ඒ සදහා අපේක්ෂකයන් තෝරා ගැනීමේ කටයුතු සිදු කලා. ඒ ඒ පක්ෂවලට දෙන්න පුළුවන් නියෝජිත ප්‍රමාණයන් අපි ඔවුන්ට ලබා දෙනවා. ඒක ගැටළුවක් කර ගන්න අවශය නැහැ යයි කීය.

හැටන් - චන්දන ජයවීර
 

More News..