brand logo

එජාප මාධ්‍ය අංශයට රවීගෙන් චෝදනා

09 July 2020

මාධ්‍ය හමු සහ විද්‍යුත් නාළිකාවල දේශපාලන වැඩසටහන්වලදී සම අවස්ථා නොලැබෙන බවට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් පිරිසක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට ඊයේ (08 වැනිදා) පැමිණිලි කර ඇත. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. පක්ෂයේ උප නායක රවී කරුණානායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දීප් සමරසිංහ සහ අනුරාධ කස්තුරිනායක මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බව වාර්තා වෙයි. පක්ෂයේ මාධ්‍ය අංශය මෙලෙස සම අවස්ථා ලබා නොදෙන බවට ඔවුන් චෝදනා කර තිබේ. මේ පිළිබඳව සොයා බලන බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මෙහිදී ප්‍රකාශ කර තිබේ. උදයජීව ඒකනායක
 

More News..