brand logo

එජාප මන්ත්‍රිනීගෙන් රජයට චෝදනා

10 February 2020

පසුගියේ ආණ්ඩුවේ අඩුපාඩුකම් සොයමින් සිය අඩුපාඩුකම් වසා ගැනීමට උත්සහ කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කළාය. ඉදිරියට එන පාර්ලිමේන්තු මැතිවරණයේ ජයග්‍රහණය කිරීමට විවිධ දේ කරමින් ජනතාව වෙනත් අතකට හැරවීමේ උත්සහයක නිරත වෙන බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය. වත්මන් රජයට ලක්ෂ 69 ක් ඡන්දය ලබා දුන්නේ පොරොන්දු ගැන විශ්වාසය තබමින් බවත් එහෙත් මෙම රජය නොහැකියාවක් ඇති රජයක් බවට පත්ව ඇති බවත් මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කළාය. අයවැයක් හෝ ඉදිරිපත් කර ගත නොහැකි ඉතා අසාර්ථක රජයක් බවට වත්මන් රජය පත්ව ඇතැයිද මන්ත්‍රීවරිය සඳහන් කළාය.
 

More News..