brand logo

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

13 February 2019

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් නිලධාරියෙකුට පහරදීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට ඇප නියම වී තිබෙනවා. අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට අද පෙරවරුවේ සිය නීතිඥවරුන් සමඟ මන්ත්‍රීරයා සහ ආරක්ෂක නිලධාරියා අධිකරණයට ඉදිරිපත් වු බවයි. ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසු එක් අයෙකුට රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02 ක් සහ රුපියල් දස දහසක මුදල් ඇප දෙකක් මත සැකකරුවන් මුදා හැරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. එමෙන්ම සෑම ඉරිදා දිනකම සැකකරුවන්ට බණ්ඩාරවෙල පොලීසිය හමුවේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. ජයලත් දිසානායක - බදුල්ල
 

More News..