brand logo

එජාප ප්‍රබලයෙක් මිය යයි

30 November 2021

දිවිමඟ නිමා කළ හිටපු අමාත්‍යවරයා

හිටපු අමාත්‍යවරයෙක් වන සිරිසේන කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වු බව ඔහුගේ පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේය. 80 සහ 90 දශකයේ මෙරට දේශපාලනයේ පෙරළිකාර ප්‍රබල චරිතයක් වූ සිරිසේන කුරේ මිය යන විට අනූ හැවිරිදි වියේ පසුවිය ඔහු 1979 සිට 1989 දක්වා කොළඹ නගරාධිපතිවරයා ලෙස කටයුතු කර තිබුණි. අනතුරුව 1989 දී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ රජයේ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙසද ඔහු කටයුතු කළේය. එසේම කලක් ඔහු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරයද හෙබවීය. Gallery
 

More News..