brand logo

එජාප පස්සර ආසන බළ මණ්ඩල රැස්වීම උණුසුම් වී නතර වෙයි

26 November 2018

එක්සත් ජාතික පක්ෂයේ පස්සර ආසන බළ මණ්ඩල රැස්වීම පස්සර ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වඩිවේල් සුරේෂ් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පස්සර ප‍්‍රාදේශීය සභා ශ‍්‍රවණාගාරයේදී ඊයේ (25) දින පැවැත්වීමට නියමිතව තිබූ අතර සංවිධායකවරයා පැය දෙකකට ආසන්න කාලයක් ප‍්‍රමාදවීමත් සමග එහි උණුසුම්කාරී තත්වයක් හටගත්තේය. එහිදී පස්සර ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රී රුක්මන් ගාමිණී මහතා සඳහන්කර සිටියේ ආසන බළ මණ්ඩල රැුස්වීමට තමන් ඇතු`ථ එක්සත් ජාතික ප‍්‍රබල පාක්ෂිකයින්ට ආරාධනා නොකර වතු වෘත්තීය සමිති සාමාජිකයින් පමණක් සහභාගි කරවමින් කරන්නට යන මෙම රැුස්වීම අවිධිමත් බවයි. එමෙන්ම මෙම සංවිධායකවරයා ගෙම්බන් මෙන් එහාට මෙහාට පනින නිසා මොහු විශ්වාස නොමැති බවත් මෙවැනි සංවිධායකවරුන් දේශපාලනයෙන් අතුගා දැමිය යුතු බවත් ඔහු සමග තමන් ඉදිරියටත් දේශපාලනය නොකරන බවත් පැවසීය. මෙහිදී පොලීසිය මැදිහත්ව ඔහුව එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සහ කිරීමට යාමේදී තරමක් උණුසුම් තත්වයක් ඇතිවිය. එහිදී ගාමිණී මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කර සිටියේ එක්සත් ජාතික පාක්ෂිකයෙක් හැටියට අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියක් තමාට ඇති බවයි. පස්සර ආසනයේ එජාප කොට්ඨාශ කළමණාකාර වරයා හැටියට තමාට මෙම රැුස්වීමේ කථා කිරීමට අයිතිය ඇති බව පවසමින් අදහස් දැක්වූ විජිත දිසානායක මහතා මේ මොහොත වන විට වඩිවේල් සුරේෂ් පස්සර ආසනයේ සංවිධායක වරයාද කියා දන්නේ නැහැ. මොකද පහුගිය 27වන දින එහා පැත්තට පැනපු නිසා සංවිධායක දුරය අහිමිවුණා. නැවත ඔහුට නිළ වශයෙන් සංවිධායක දුරය දුන්නද කියා අප දන්නේ නැහැ. ඒ නිසා පස්සර ආසනයේ බළධාරියා හැටියට පක්ෂ මූලස්ථානය සමග ගණුදෙනු කරන්නේ මම සහ මේ ප‍්‍රදේශීය සභා දෙකේ ඉන්න මන්ත‍්‍රීවරු. ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා තමුන්නාන්සේලා මේ නීති විරෝධී ලෙස මේ කැඳවපු බළමණ්ඩලයේදී තමුන්නාන්සේලාගේ අත්සන කොල කෑල්ලකට අරගෙන උත්සහ කරනවානම් පස්සර ආසනයේ සංවිධායක දුරය නැවත ඔහුට ලබා ගැනීමට කූට ලේඛණ හදනවානම් එය වැරදියි කියා මා කියනවා. යනුවෙන් අදහස් දැක්වීය. කෙසේ වෙතත් වඩිවේල් සුරේෂ් මහතා රැුස්වීමට නොපැමිණීම නිසා පැය දෙකක් තිස්සේ ශ‍්‍රවණාගාරයේ රැඳී සිටි පිරිස විසිර ගියේය. ප‍්‍රාදේශීය සභා පරිශ‍්‍රය තුල පොලිස් ආරක්ෂාවද තර කර තිබූ අයුරුදු දැකගත හැකිවිය. පසුව පස්සර ප‍්‍රදේශයේ හින්දු දේවස්ථානයක් වෙත පැමිණ සිටි සුරේෂ් මහතාගෙන් මෙම රැුස්වීමට සහභාගි නොවූයේ මන්දැයි විමසීමක් කලා. පස්සර ප‍්‍රදේශයේ වතුකරයේ ජනතාවගේ පඩි ප‍්‍රශ්නයත් වත්මන් දේශපාලන තත්වයත් සාකච්ඡුා කිරීමට තමයි මෙම රැුස්වීම අද දින කැඳවා තිබුණේ. මට දැනගන්න ලැබුණා පස්සර මන්ත‍්‍රීවරුන් පිරිසක් තැරව්කාරයන් පිරිසක් යොදවලා අත් බෝම්බ රැුගෙන ශාලාවේ ඉන්න බවට. මම කථා කරනකොට අත්බෝම්බ වලින් මට දමලා ගහන්න සැලසුම් කරලා තිබුණා. මම මගේ පිරිසට කිවුවා හැකි ඉක්මණින් පිරිස ශාලාවෙන් ඉවත් කරන්න කියලා. ඉතා කණගාටුයි පාර්ලිමේන්තුවට මිරිස්කුඩු ගේනවා. පිහි ගේනවා. මේ රැුස්වීම් වලට අත්බෝම්බ ගේනවා. අපිට දැන් ආරක්ෂාව නැතිවෙලා. අද මාව මරන්න සූදානම් කරලා තිබුණේ. මම අනූ නවයෙන් අද බේරුණා. මම මේ පිළිබඳව පොලීසයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මේ අයව අත්අඩංගුවට ගන්නා තෙක් මම පාර්ලිමේන්තුව වර්ජනය කරනවා යනුවෙන් අදහස් දැක්වීය.    
 

More News..