brand logo

එජාප ජනාධිපති අපේක්ෂක තේරීම සහ පෙරමුණ පිහිටුවීම එකම දවසක

16 August 2019

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ එකම දිනයක පිහිටුවීමට පක්ෂයේ අවධානය යොමු වී ඇත. අපේක්ෂකයා පළමුව නම් කර පසුව ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ පිහිටුවන ලෙසට සජිත් ප්‍රේමදාස ඇතුළු එජාපයේ පිරිසක් පසුගියදා පක්ෂ නායකත්වයෙන් ඉල්ලීමක් කර තිබිණි. එහෙත් එම ඉල්ලීම ඉවතලමින් අපේක්ෂකයා නම් කිරීම සහ පෙරමුණ පිහිටුවීම එකම දිනයක සිදු කිරීමට අවධානය යොමුව ඇතැයි එජාප මන්ත්‍රීවරයෙක් පැවසුවේය. මේ සඳහා මෙතෙක් දිනයක් නියම කර නැති අතර අදාළ ගිවිසුම සකස් කර ඊට පුළුල් ප්‍රචාරයක් ලබාදීම කෙරෙහිද පක්ෂයේ අවධානය යොමුව ඇත. අජිත් අලහකෝන්
 

More News..