brand logo

එජාප කණ්ඩායම් රැස්විම විනාඩි 45කින් අවසන් - ජනපති අපේක්ෂකයා පිලිබඳ කතා නෑ

20 August 2019

අරලියගහ මන්දිරයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්විම ජනපති අපෙක්ෂකයෙක් හෝ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරිමේ කටයුතු ගැන අවධානය නොකර විනාඩි 45කින් අවසන් වී ඇති බව වාර්තා වෙයි. අග්‍රාමාත්‍යවරයා රැස්වීම ආරම්භයේදී ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් ගැන කථා නොකර හෙට (20දා) දිනයේදී පාර්ලිමේන්තුවේ සිදුකරන කටයුතු ගැන පමණක් අවධානය යොමුකරන ලෙස වන අතර බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මෙම රැස්වීමට එක්වීමෙන් පසුව සඳහන් කර ඇත්තේ 2015න් පසු අඩුම කාලයක් තුළ අවසන් කළ ආණ්ඩු පක්ෂ රැස්වීම මෙය බවය. කිසිම මන්ත්‍රිවරයෙක් හෝ අගමැතිවරයා ජනාධිපති අපේක්ෂකයා ගන කතා නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙබණ්ඩාර මහතා සඳහන් කළේය.
 

More News..