brand logo

එජාප ආචාර්යවරු ‘වියත් මගට’

13 August 2018

එක්සත් ජාතික පක්ෂයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සාමාජිකයන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ගොඩනගා ඇති ‘වියත් මග’ සංවිධානයසමඟ සමිබන්ධ වීමට සාකච්ජාකර ඇතැයි විශ්වාසකටයුතු ආරංචි මාර්ග පවසයි. එජාප ආචාර්යවරුන්ගේ සංගමයේ සාමාජිකයන් 500ක් පමණ සිටින අතර පක්ෂය විසින් නොසලකා හරිනු ලැබීම නිසා ඔවුන් මෙම තීරණයට එළඹ ඇතැයි වාර්තා වේ. වර්තමාන ආණ්ඩුව බලයට ගෙන ඒමට විශාල කාර්ය භාරයක් කළ එජාප ආචාර්ය සංගමය පසුගිය වසර තුන තුළ අවස්ථා කීපයකදීම රනිල් වික‍්‍රමසිංහ මහතා හෝ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවීමට අවස්ථාවක් ඉල්ලා ඇතත් ඒ සඳහා අවස්ථාව ලබාදී නොමැති බව වාර්තා වේ.
 

More News..