brand logo

එජාපෙ සමඟි සන්ධාන ජාතික රජය පිහිටුවන යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරයාට

31 January 2019

යහපාලනය සඳහා වු එක්සත් ජාතික පෙරමුණේ සමගි සන්ධාන ජාතික රජය පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත අද (31) භාර දී ඇත. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ හා යහපාලන ප්‍රතිපත්තිවලට එකඟ අනෙක් දේශපාලන පක්ෂ එකමුතුවෙන් නව සමගි සන්ධාන රජය පිහිටුවන බව පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යැවු ලිපියේ සඳහන්ව ඇත. පසු ගිය ආණ්ඩුවේ ණය කන්දරාවද ගෙවමින් ජනතාවට උපරිම සහන දීමට සහ රටේ ප්‍රජාතන්ද්‍රවාදය තහවුරු කිරීමට කැමැත්ත පළ කරන සියළු පක්ෂවලට සමගි සන්ධාන ජාතික රජයට එක් විය හැකි බව සභා නායක රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.
 

More News..