brand logo

එජාපෙ ශක්තිමත් අපේක්ෂකයෙකු යොදවා ජනාධිපතිවරණය ජය ගන්නවා

18 March 2019

එක්සත් ජාතික පෙරමුණත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් සමඟ පැවති සුහදත්වය මේ වන විට පළුදු වී ඇති බැවින් ඉදිරියේදී එක්සත් ජාතික පෙරමුණ ශක්තිමත් අපේක්ෂකයෙකු යොදවා ජනාධිපතිවරණය ජය ගන්නා බව උසස් අධ්‍යාපන නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා සඳහන් කරයි. ගලේවෙල නගර මධ්‍යයේ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් ඉදිකළ කලාප කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (17) සහභාගීවෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කියා සිටියේ පසුගිය දින 52 ව්‍යාජ ආණ්ඩු සමයේ රටට විශාල හානියක් සිදුවූ බවත් එය හිටපු ජනාධිපති සහ වර්තමාන ජනාධිපතිවරයා එකතු වී සිදුකළ විජ්ජාවක් වන බවත් එක්සත් ජාතික පක්ෂය මේ වන විට තනිව ආණ්ඩුවක් පවත්වාගෙන යන බවත් අනෙකුත් පක්ෂවල සහයෝගය ඉතා රහසිගතව ලැබෙන බවය.
 

More News..