brand logo

එජාපය සන්ධානගත විය යුත්තේ අපේක්ෂකයා නම් කිරීමෙන් පසුවයි

09 August 2019

එක්සත් ජාතික පක්ෂය සන්ධානගත විය යුත්තේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. ඔහු නිවේදනයක් නිකුත් කරමින් මේ බව අවධාරණය කළ අතර සන්ධානයක් පිහිටුවීමට තමා 100% නොව, සියයට ලක්ෂවාරයක් එකඟ බව සඳහන්ව ඇත. එහෙත් ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂයේ මුලිකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණු සන්ධානයක් හැකි ඉක්මනින් පිහිට විය යුතු බවට තමා සහ අග්‍රාමාත්‍යවරයා එකඟ වූ බවට අද පුවත්පත් වාර්තා කර ඇති බවත් මන්ත්‍රී බහුතරයකින් සන්ධානයට එකතුවීමට කැමැත්ත පළ කර ඇති ප්‍රබල පක්ෂ බහුතරය ද දරණ ස්ථාවරයට අනුව එය සිදුවිය යුත්තේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව බව සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත.
 

More News..