brand logo

එජාපය මැයි දින රැලිය කොළඹ නගර සභා පිටියේ පැවැත්වීමට තීරණය කරයි

25 March 2019

මෙවර මැයි දින රැලිය කොළඹ නගර සභා පිටියේ දී පැවැත්වීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි. එළඹෙන ඕනෑම ජාතික මැතිවරණයක් ජයග්‍රහණය කිරීමේ කටයුතු ද සම්පාදනය කරමින් මෙවර මැයි දින රැලිය සංවිධානය කරන බව මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළ අතර මේ වනවිටත් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කර ඇති බවත්, සිරිකොත ගමට වැඩපිළිවෙළ සාර්ථක ව කලුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළ බවත් මෙවර මැයි දිනයෙන් පසු සිරිකොත ගමට වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික්කය ආවරණය කරමින් ක්‍රියාත්මක කරන බවත් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.
 

More News..