brand logo

එජාපය ප්‍රතිසංවිධානයට රනිල් ඉවත් වී කරුට වැඩ බැලීමට - පක්ෂයෙන් ඉවත් වූ සජිත් - කබීර්ටත් තනතුරු නෑ

23 November 2019

ජනාධිපතිවරණයෙන් ලැබූ ප්‍රතිඵල සැලකිල්ලට ගෙන එක්සත් ජාතික පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානය කිරීම සඳහා වැඩබලන නායකත්වය කරු ජයසූරියට ලබාදීමට එම පක්ෂය සැලසුම් කර ඇති බව වාර්තා වේ. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉදිරියේදී නායකත්වයෙන් ඉවත් වීමට පෙර මෙම පූර්ණ ප්‍රතිසංවිධානය සිදු කෙරෙයි. පක්ෂයේ තනතුරුවලින් ඉවත්වන බවට මාධ්‍යයට ප්‍රකාශ කළ කිසිවකුටවත් යළි තනතුරු ලබා නොදීමට එහිදී සැලසුම් කර ඇත. ඒ අනුව පක්ෂයේ සභාපති කබීර් හෂීම්, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන අය පක්ෂයේ තනතුරුවලින් ඉවත්වනබව මාධ්‍යයට පැවසීය. නව නායකත්වයත් යටතේ එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කළ යුතු බව රනිල් වික්‍රමසිංහගේ අදහස වී ඇති අතර, එහිදී පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායකටද වගකීම් පැවරෙන තනතුරක් ලබාදීම කෙරෙහි අවධානය යොමුව තිබේ. චමින්ද සේනාරත්න
 

More News..