brand logo

එජාපය දිනවන හැටි රනිල් බණ කතාවෙන් කියයි

19 December 2019

දැලේ සිර නොවී වටු කුරුල්ලන් මෙන් දැල කඩාගෙන ඉදිරියට යා යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ඊයේ (18 වැනිදා) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මාධ්‍යයට ප්‍රකාශ කළේය. එක්සත් ජාතික පක්ෂයට සහාය දෙන නීතිඥවරුන් සමග පැවැති සාකච්ඡාව ආරම්භ කරමින් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය. ජාතික නීතිඥ සංගමය ජනාධිපතිවරණයේදී අපට කළ සේවයට මේ අවස්ථාවේදී ස්තුතිය පළ කරනවා. ජනාධිපතිවරණය වෙනුවෙන් කැපවී වැඩ කරන ලෙසට මා නීතිඥවරුන්ගෙන් කළ ඉල්ලීම අනුව ඔවුන් බලාපොරොත්තු ඉෂ්ට කළා. ජනාධිපතිවරණ ප්‍රතිඵලවලින් අපි පසුබෑමකට ලක් වුණා. ඒත් ඒ නිසා අපි අඩපණ විය යුතු නැහැ. මම මේ වෙලාවේ එක්තරා ජාතක කතාවක් මතක් කරන්නම්. දැල වැටුණු නිස වටුවන් අඩපණ වුණේ නැහැ. එක සැරේ ඉගිල්ලිලා දැල අයින් කළා. අපිත් ඒ විදිහට ක්‍රියාකර මේ තත්ත්වයෙන් මිදිය යුතුයි. දැලේ පැටලෙන්න එප. සමහරු නොදැන දැලේ පැටලෙන්න පුළුවන්. දැල ඉවත්කර අපි ඉදිරියට යමු. ඒ සඳහා අපි පක්ෂයේ නායකයන්ට ඉදිරියට එන නායකයන්ට එක්ව එක සැලසුමක් ඉදිරිපත් කරන්න කියමු. බෙදිලා මේ ගමන යන්න බැහැ. එක්සත්ව වැඩ කළ යුතයි. පක්ෂයේ අනාගතය භාර ගන්න ඉන්න නායකයන්, මන්ත්‍රීවරුන් එකට වැඩ කළ යුතුයි. ඒ අනුව පක්ෂයේ ප්‍රතිසන්ධාන කටයුතු කළ යුතුයි. සියලුම සංවිධාන සහ සංගම් හමුවෙමින් ජනවාරි මාසයේ සිට අපි මේ ප්‍රතිසන්ධාන කටයුතු ආරම්භ කරනවා. ඉන් පසු සැලසුමක් අනුව වැඩ කරනවා. එක්සත් ජාතික පක්ෂයට අනාගතයක් තියෙනවා. එක්ව වැඩ කරන්න. ඉදිරියට යාමට සහාය දෙන එකයි මා කරන්නේ. අපේ සාමාජිකයන්ගේ රැකිවලට ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා. බොහෝ දෙනා දේශාපලන පලිගැනීම්වලට ලක්වෙලා. ඒ අයට අවශ්‍ය නීති උපදෙස් අපි ලබා දෙනවා. අප්‍රේල් අවසානයේ මහ මැතිවරණය පවත්වනවා. ජනවාරි සිට පෙබරවාරි අවසානය දක්වා අප පක්ෂයේ ප්‍රතිසංධාන කටයුතු සිදු කරනවා. අපට විශාල වැඩ කොටසක් තියෙනවා. අලුත් අදහස් අනුව ඉදිරියට යනවා. අප ඇතිකළ නිදහස් සමාජය ආරක්ෂා කර ගැනීම පාර්ලිමේන්තුව තුළ සජිත් ප්‍රේමදාස විසින් සිදු කරනවා. අපට තියෙන්නේ ඊළඟ අවුරුදු පහ නොවේ. ඊළඟ දශකය ගැන සිතා සැලසුම් සකස් කිරීමයි. අජිත් අලහකෝන්
 

More News..