brand logo

එජාපය දිනන ආසන ගණන නවීන් කලින් දැනගෙන

07 July 2020

මෙවර මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රිවරුන් 40 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරි පත් වන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ එක්සත් ජාතික පක්ෂ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක නවින් දිසානායක මහතා පැවසිය. නවින් දිසානායක මහතා එ බැව් කියා සිටියේ (07) දින ගිනිගත්හේන ප්‍රදේශයේ පැවති පාක්ෂික හමුවකින් අනතුරුව මාධ්‍යයවේදින් ඇසු ප්‍රශ්න වලට පිලිතුරු ලබාදෙමිණි. මෙවර මහ මැතිවරණයේදි ඉදිරිපත් වි සිටින අපකේෂකයන් සන්ධාන යටතේ තරග කරන බවත් , එක්සත් ජාතික පක්ෂය පමණක් මෙවර මහ මැතිවරණයේදි තනි පක්ෂයක් වශයෙන් තරග කරන බවයි නවින් දිසානායක මහතා කියා සිටින්නේ. තම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අපෙක්ෂකයන්ගේ ජය තහවුරු කිරිම සදහා දිස්ත්‍රික්ක මට්ටමින් පැමිණියේ නැතත් රනිල් වික්‍රමසිංහ මහතා ඩිජිටල් තාක්ෂණය ඔස්සේ රට පුරා සිටින එක්සත් ජාතික පාක්ෂිකයන්ව ආමන්ත්‍රණය කල නිසා මෙවර මහ මැතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතා දිස්ත්‍රික්ක මට්ටමින් රැස්විම් වලට සහභාගි නොවුනද එය මැතිවරණය ජයග්‍රහණය කිරිමට බාධාවක් නොවන බවද නවින් දිසානායක මහතා පැවසිය. කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග මේ රටේ ආර්ථිකය කඩා වැටි ඇති බවත් , එම ආර්ථිකය ගොඩ ගැනිමට වත්මන් රජයට නිසි වැඩපිලිවෙලක් නොමැති බවත් , කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගැනිමට ඇති එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවයි නවින් දිසානායක මහතා පෙන්වා දෙන්නේ. මෙවර මහ මැතිවරණයේදි රාජ්‍යය දේපල භාවිතය අවම වි ඇති බවත් , රාජ්‍යය දේපල භාවිතා කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නියැලි සිටින අය සදහා මැතිවරණ කොමිසම විසින් දැඩිව ක්‍රියා කරන නිසා රාජ්‍යය දේපල අවභාවිතය මැතිවරණයේදි අවම වි ඇති බවයි නවින් දිසානායක මහතා මාධ්‍යයවේදින් හමුවේ වැඩි දුරටත් කියා සිටියේ.
 

More News..