brand logo

එජාපය ඇල්පිටියේ පොරපිටියෙන් ලිස්සයි

28 September 2019

2015 වසරේ පැවැති මහ මැතිවරණයේදී බෙන්තර - ඇල්පිටිය ඡන්ද බල ප්‍රදේශය ඡන්ද හයදහස් හත්සිය පනහකට (6750) අධික සංඛ්‍යාවකින් පරාජයට පත් වීම නිසා ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට වැඩි අවධානයක් යොමු නොකිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වෙයි. අරලියගහ මන්දිරයේ පසුගිය බ්‍රහස්පතින්දා පැවති එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ රැස්වීමේදී මේ පිළිබඳ සාකච්ඡා කර ඇත. එහිදී ගාල්ල දිස්ත්‍රික්කයේ දේශපාලන නායකයන් ප්‍රකාශ කර ඇත්තේ මැතිවරණයට වැඩි බරක් දැමීමේ ප්‍රතිඵලයක් නොමැති බවයි. එහෙත් ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය කිසිසේත් අතහැර දැමිය නොහැකි බව ඇමැතිවරුන් පිරිසක් පෙන්වා දී තිබේ. පවතින අවාසිදායක තත්ත්වය අවම කර ගැනීම සඳහා ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ජනරැලි දෙකක් ඇමතීමට තමන්ද එක්වන බව ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර ඇත. උදයජීව ඒකනායක
 

More News..