brand logo

එජාපයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම 05වනදා කැඳවයි

02 December 2019

එක්සත් ජාතික පකෂයේ විශේෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම ලබන බ‍්‍රහස්පතින්දා(5) කැඳවා ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය. ඒ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද(02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. මෙහිදී විපක්ෂ නායක ධුරය ඇතුලූ සියලූ කාරණා පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතව ඇති අතර පක්ෂයේ තනතුරු ඇතුළු සියලූම ගැටලූ සම්බන්ධයෙන් පොදු එකඟතාවයක් මත තීන්දු තීරණ ගැනීමට කටයුතු කරන බවත් මහලේකම්වරයා සදහන් කළේය. එමෙන්ම ඉදිරි මහමැතිවරණය ජයග‍්‍රහණය කිරිම ස`දහා වන ශක්තිමත් යාන්ත‍්‍රණයක් සකස් කිරීම පිලිබඳ මෙම හමුවේදී අවධානය යොමු කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
 

More News..