brand logo

එජාපයේ මැතිවරණ ප්‍රචාරණය ජුලි මස 01වැනිදා සිට

21 June 2019

එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ජුලි මස 01වැනිදා සිට ආරම්භ කිරීමට එක්සත් ජාතික පෙරමුණේ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර ඇත. පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ ඕනෑම මැතිවරණයක් ඉලක්ක කර ගනිමින් මෙම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ගෙනයාමට එහි දී තීරණය කළ බවයි. අමාත්‍යවරුන් අමාත්‍යංශවලින් එළියට බැස මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ක්‍රියාත්මක වන්නට තීරණය කළ බව ද කාරියවසම් මහතා පැවැසීය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද (21) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
 

More News..