brand logo

එජාපයේ ප්‍රබලයෙක් පනින්න සූදානම්

13 October 2019

එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රබල අමාත්‍යවරයෙකු ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීම සදහා එක්වීමට සිය කැමැත්ත පළ කර ඇති බවට පොදුජන පෙරමුණේ දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. පසුගිය දිනෙක මේ සම්බන්ධව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමග ද සාකච්ඡා කර ඇති බවට තොරතුරු වාර්තා වේ. ජනාධිපතිවරණයෙන් පසුව මීළගට පැවැත්වීමට නියමිත මහා මැතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ ඇතිව තිබෙන දැඩි තරගකාරිත්වයත් සමග මහින්ද රාජපක්ෂ මහතාට මේ වන විට කිසිවක් ප්‍රකාශ කරන්නට නොහැකි බවට පවසා ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ අදාළ ප්‍රබල අමාත්‍යවරයා එක්කර ගත යුත්තේ කුමන පදනමෙන්දැයි ඉදිරියේදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවට දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
 

More News..