brand logo

එජාපයේ නව සන්ධානය පිහිටුවීම කල්යයි

04 August 2019

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය පිහිටුවීම හෙට දිනයේ සිදු නොවන බව රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල සඳහන් කරයි. සන්ධානගතවීමට නියමිත ව්‍යවස්ථාව පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරය තුළ පවතින මතභේදය විසඳාගත් පසු එම කටයුත්ත සිදුකිරීමට බලාපොරොත්තු වන බව ඔහු ප්‍රකාශ කළේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා එම පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වු අතර එම හමුවේදී හෙට අත්සන් කිරීමට නියමිත ප්‍රජාතන්ත්‍රවාදි ජාතික පෙරමුණු සන්ධානයේ ව්‍යවස්ථාව කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ. කෙසේ වෙතත් එහි අඩංගු ඇතැම් කරුණු සම්බන්ධයෙන් සාමාජිකයන්ගේ එකඟතාවක් පළවී නැත.
 

More News..