brand logo

ඇමතිකම් ඉල්ලා එජාපයෙන් යැවූ නම් ලැයිස්තුව ජනපති ප්‍රතික්ෂේප කරයි

12 June 2019

පසුගියදා කැබිනට් ඇමැතිධූරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමැතිවරුන්ගේ අමාත්‍යංශවල වැඩ බැලිමට පත්කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය විසින් යවන ලද ඇමැතිවරුන්ගේ නම් ලයිස්තුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතිකේෂප කර ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි. එම හේතුවෙන් ජනාධිපතිවරයා එම අමාත්‍යංශවල රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් වැඩබලන ඇමැතිවරුන් ලෙස පත්කරනු ලැබ ඇති බව වාර්තා වන අතර ඒ වෙනුවට රාජිත සේනාරත්න, මලික් සමරවික්‍රම හා රංජිත් මද්දුම බණ්ඩාර යන ඇමැතිවරුන් ද එම අමාත්‍යංශවල වැඩබැලීමට පත් කරන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ නම් ජනාධිපතිවරයා වෙත ඉකුත් දා යවා ඇත. ජනාධිපතිවරයා විසින් කර්මාන්ත වානිජ කටයුතු නියෝජ්‍ය ඇමැති බුද්ධික පතිරණ මහතා වැඩබලන, කර්මාන්ත හා වානිජ දිගුකාලින අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරිම සමුපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැතිවරයා ලෙස ද නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය ඇමැති ලෙස ලකී ජයවර්ධන මහතාද වැඩබලන නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන ඇමැතිවරයා ලෙස ද ඛනිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේ මහත්මිය, වැඩබලන මහාමාර්ග මාර්ග සංවර්ධන හා ඛනිජතෙල් සම්පත් සංවර්ධන ඇමැතිවරයා ලෙසද ජනාධිපතිවරයා විසින් පත් කළේය.
 

More News..