brand logo

එජාපයෙන් බැරිනම් වෙන පක්ෂයකින් සජිත් එනවා

04 September 2019

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට මීලග ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය එක්සත් ජාතික පක්ෂයෙන් නොලැබෙන්නේ නම් නව පක්ෂයකින් ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව තමන් වගකීමෙන් පවසන බව මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා සනහන් කරයි. රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති අපේක්ෂකත්වය සුදුසු අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙනු ඇතැයි තව දුරටත් විශ්වාස කරන බවද ඔහු ප්‍රකාශ කරයි. ‘සජිත් එනවා’ මීළඟ ජන රැලිය මාතලේ නගරයේ පවත්වන අතර සූදානම් කරමින් තිබෙන බවද අලුවිහාරේ මහතා සඳහන් කළේය. මේ අතර වාර්තා පලවන්නේ සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරනයට ඉදිරිපත්වීම සඳහා රාජාලියා ලකුණ සහිත පක්ෂ සමග සාකච්ඡා පවත්වා ඇති බවයි. පක්‍ෂයක් මිලට ගැනීමටද එජාප කැරලිකාරයන් කඩිමුඩියේ කටයුතු කරමින් ඇති බවද නිල නොවන වාර්තා කියයි.
 

More News..