brand logo

එජාපයෙන් ජනපතිවරණයට එන්නේ රනිල් - සජිත් සමඟ ඉරිදා සාකච්ඡාවක්

06 September 2019

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා ‌ලෙස ඉදිරිපත් වන බව අද (06) නිවේදනය කර ඇත. ඒ අද දිනයේදී අරලිය ගහ මන්දිරයේදී පක්ෂ ‌ජෙෂ්ඨයන් සමග පැවැති විශේෂ සාකච්ඡාවකදිය. එම රැස්වීමට පක්ෂයේ ජ‌්‍යෙෂ්ඨයන් සියලු ‌දෙනාම සහභාගී වී සිටියත් සජිත් ‌ප්‍රේමදාස මහතා සහභාගීව සිට නොමැත. එහිදී පක්ෂ‌යේ ‌ජ්‍යෙෂ්ඨයන් වික්‍රමසිංහ මහතාට ප්‍රකාශ කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට මෙවර අවස්ථාව ලබා දිය යුතු බවය ඒ අනුව ලබන ඉරිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් සිදු කිරීමටද නියමිත බව ආරංචිමාර්ග සඳහන් කරයි.
 

More News..