brand logo

එජාපයට මැතිවරණ දොළ දුකක් - විමල් කියයි

02 January 2020

මේ වන විට මැතිවරණ දොළ දුකක් උද්ගතව ඇති එකසත් ජාතික පක්ෂයට මහ මැතිවරණය සිංහල අලුත් අවුරුද්දට පසු පැවැත් වුවහොත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ කතා බහ මැතිවරණ කරළියට එන බව දන්නා නිසා දැන් උත්සහ කරන්නේ ඊට පෙර මහ මැතිවරණය පවත්වා ගැනීමට යැයි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධනලකර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. ජනපතිවරයාට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මාර්තු මාසයේදී කළහොත් මහ මැතිවරණය පැවැත්වෙනුයේ අප්‍රේල් මස අවසන් සතිය තුළ බවත් පාස්කු ප්‍රහාරය පසුගිය වසරේ අප්‍රේල් මස එල්ලවූ නිසා මහ මැතිවරණය අප්‍රෙල් මස නොතබා මාර්තු මස පවත්වා ගැනීමට එජාපය සාකච්ඡා කරමින් සිටින බවත් ඒ මහතා කීය. මහනුවර ලක්සල විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේබව පැවසුවේය. මේ නිසා පාර්ලිමේන්තුව තුනෙන් දෙකක බහුතර කැමැත්තෙන් විසුරුවා හැරීම සඳහා සහය දීමට එජාපය මේ දිනවල දැඩි උනන්දුවක් දක්වන බවත් පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් ඔවුන්ට ගැලවීමක් නොමැති බවත් වීරවංශ මහතා කීය.
 

More News..