brand logo

එච්චර බණ කියන්න අවශ්‍ය නැහැ - අභයාරාමාධිපති

26 January 2022

ජනපතිට කළ ඉල්ලීම 

පෙර වසරවල සිදුවූ වැරදි අඩුපාඩු නිවැරදි කරගනිමින් ඉදිරි වසර 3 සාර්ථක කරගැනීමට පියවර ගන්නා ලෙස නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්ටේටුවේ ආනන්ද හිමියන් අද (26) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ උන්වහන්සේගේ ජන්ම දිනය වෙනුවෙන් සංවිධානය කර තිබූ දානමය පිංකමකට එක්වූ අවස්ථාවේදී. එම අවස්ථාවට ජනාධිපතිවරයා ද එක්ව සිටියා. නාරාහේන්පිට අභයාරාමාධිපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි, "අද මේ පින්කමේ එකම අඩුපාඩුවයි මට පේන්නේ. ඒ අඩුපාඩුව තමයි මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා.එතුමාට අද එන්න අපහසුතාවක් තිබුණ නිසා තමයි ආවේ නැත්තේ. එතුමා උදේ මට කතා කරලා කිව්වා." "දැන් බණ කිව්වට, බණ අහන අයත් අඩුයි. බණ පිළිපදින අයත් අඩුයි. ඒ නිසා එච්චර බණ කියන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ."  "ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාගේ අවුරුදු දෙකක කාලය අවසන්. තව අවුරුදු තුනක් තිබෙනවා. ඉදිරි කාලයේ ඔබතුමා හොඳට තේරුම්ගන්න ඕන, පසුගිය අවුරුදුවල සිදුවූ අඩුපාඩුකම් හදාගෙන කලකිරිච්ච පිරිසක් ඉන්නවා නම් එයාලත් එකතු කරගෙන මේ ගමන යන්න. පරණ කුණුකන්දවල් අපි පැත්තකට දාමු. අලුත් ගමනක් අපි ආරම්භ කරමු."
 

More News..