brand logo

එක තරඟයක් අසාර්ථක වුනොත් මම එළියේ

30 January 2019

තමන් එක් තරඟයක් හෝ අසාර්ථක වූ විට කණ්ඩායමේන් ඉවත් කරන බව තමන් හොඳින්ම දන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා පවසනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලිද සිල්වා මහතා වෙත තිසර යොමුකළ ලිපියක මේ බව දැක්වෙනවා. ශ්‍රී ලංකා එක්දින නායක ලසිත් මාලිංගගේ බිරිඳ තමන්ව හා තම බිරිඳ ඉලක්ක කරගෙන දිගින් දිගටම සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් අවසානයක් අවශ්‍ය බව සඳහන් කරමින් ඔහු මෙම ලිපිය යොමුකර තිබෙනවා. ලෝක කුසලානයක් අතළඟ පවතින අවස්ථාවේදී කණ්ඩායම බෙදී වෙන්වුණු කණ්ඩායමක් ලෙස නොව එක් ඒකකයක් ලෙස ඉදිරියට යා යුතු බවත් ඔහු සඳහන් කරනවා.
 

More News..