brand logo

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් බැඳුම්කරයක් මත මුදාහැරේ

14 June 2021

  "එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්" නෞකාවේ කපිතාන්වරයා අද (14) පස්වරුවේ අත්අඩංගුවට ගත් අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බැඳුම්කරයක් මත මුදා හැර තිබේ. කපිතාන්වරයා අත්අඩංගුවට ගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකර තිබුන අතර පසුව කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් මිලියන 2ක පුද්ගලික බැදුම්කරයක් මත නිදහස් කිරීමට නියෝග කර ඇත. කෙසේ නමුත් ඔහුට විදේශගතවීම වළක්වාලමින් පනවා ඇති තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට මහාධිකරණය තීන්දු කර තිබේ. කොළඹ වරාය ආසන්න මුහුදේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම පරීක්ෂණ පවත්වනු ලැබයි.
 

More News..